රත්නපුර දිස්ත්‍රික්කයේ කොලොන්න කෝරලේ, පනාමුරේ නම් වූ සුන්දර ගම්මානයක ඩී.සිරිසේන මහතා සහ එච්.එල්.දයාවතී මැතිනියට දාව පින්වත් පුත් කුමරකු 1983 ජනවරි මස නවවන දින ලොවට දායද විය. වැඩිමල් සොයුරන් තිදෙනෙක්, නැගනියක් සහ බල සොහොයුරෙක් ගෙන් යුක්ත පවුලේ සිව් වැනියා ලෙස තුශාර ඉන්දික දිසානයක යන නමින් දෙමාපියන් තුරුලේ හැදී වැඩුනු මොහු පනාමුරේ ජබුර විදුහලේ මූලික අධ්‍යාපනය ලැබීමෙන් පසු වැඩිදුර අධ්‍යාපනය සදහා පනාමුරේ වලල්ගොඩ මධ්‍ය මහා විද්යාලයේ අධ්‍යාපනය ලබන්නට විය. ගමින් කොළබට පැමින නුගේගොඩ සුභද්‍රාරාම මහ පිරිවෙනෙහි තව දුරටත් උසස් අධ්‍යාපනය හදාරන්නට විය.

2004 සැප්තැම්බර් 24 දින ශ්‍රී විසුද්දාරාම විහාරස්ථානයේ දී වැලිගම අරියවංස නයක ස්වමින්වහන්සේගෙත්, වල්ලවෙල හේමානන්ද නායක ස්වමින්වහන්සේගෙත් ආචාර්ය උපද්දිව පනාමුරේ තිලකවන්ශ නමින් පැවිදි දිවියට ඇතුලත් වී 2006 කලුතර උදුක්කීත සීමා මාලකයේදී අදි සීල සන්ඛ්ය්යාත උපසම්පදාව ලබන ලදී. පැවිදිවී දින 7ක් පමන ගතවන විට වැලිගම අරියවංස නායක ස්වමින්වහන්සේ අපවත් වීම හේතුවෙන් විහාරස්ථානයේ විහාරාධිකාරී වගකීම තිලකවන්ශ හිමියන් මත පැවරිනි. එතැන් පටන් විහාරස්ථානය තව තවත් දියුනු කොට තවත් ස්වමින්වහසේලා පහලොස් නමක් පමන බිහිකීරීමට පනාමුරේ තිලකවන්ශ හිමියන් සමත් විය.

ඉන් පසු තවදුරටත් වැඩිදුර අධ්‍යාපනය ලැබීම සදහා මාතර සුදර්ශි මහා පිරිවෙනට ඇතුලත් වූ උන්වහන්සේ එයින් උසස් අධ්‍යාපනය නිම කරණ ලදී. ශිෂ්‍ය පිරිස්වල සහ දායක පිරිස්වල වගකීම ඉතාමත් දක්ෂ ආකාරයෙන් සිදුකිරීමත් සමගම දිවයිනේ ලාබාලතම සාමවිනිසුරුවරයානන් වහන්සේ ලෙස ගෞරව තනතුරු නාමයක් පිරි නමන ලදී. අවුරුදු 6ක් පමන පාලක බාරකත්වය දරා කටයුතු කිරීමත් සමගම සංඝයාගේ ඒකමතික තීරණය මත අමරපුර ශ්‍රී සද්ධරමයුක්තික මාහා නිකාය දක්ශින ලංකාවේ පානදුර සංඝනායක දොඩන්දූවේ කාශ්යප නායක ස්වමින්වහන්සේ යටතේ තිබූ අරිසිමල ආරණ්යය පනමුරේ තිලකවන්ශ හිමියන් වෙත පැවරිණි.

වර්ගවාදී අරගල වලින් පසු 2010 මුල් බාගයේදී අරාජිත තත්වට්යට පත් වී තිබුනු විහාරයේ මැටි කුටි සකසා යෝගාවචර භික්ෂුන්ට වැඩ සිටීමට අවශ්‍ය වාතාවරණය තිලකවන්ශ හිමියන් විසින් සකසාදීම සිදුකරණ ලදී. ඉන් පසු සතර දිගින් මහා සංඝයා අරිසිමල සේනාසනය සොයා පියමනින්නට වීමත් සමග ස්තිර ගොඩනැග්ගිලි ඉදිවෙන්නට විය. මෙම ස්ථාන ස්ථාවර මට්ටමට පත්වීමත් සමගම මෙම පලාතේ තිබෙන නටබුන් විහාරස්ථාන ශ්‍රීඝ‍්‍ර ලෙස අන්තවාදී ආක්ක්රමන වලට දිගින් දිගටම ලක්වන්නට සිදුවීමත් සමගම එය මැඩපැවත්වීමේ කාර්ය බාරයද තිලකවන්ශ හිමියන්ට පැවරිණි. ඒ අනුව මෙම ප්රදේශයේ නටබුන් විහාරස්ථාන හදුනාගෙන කුටි සෙනසුන් සකසමින් භික්ෂු සංඝයා වැඩවාසය කරවාලීම අරම්භ විය. මේ අනුව සතර දිගින් සංඝයා වහන්සේලා වැඩම කිරීමත් සමගම ගිහි පින්වතුන් පැවිදි දිවියට ඇතුලත් වීම මේ සමගම සිදුවුනි.

මේ අනුව පුරාවිද්‍යා දෙපාර්තුමෙන්තුව විසින් කරගෙන යන සේවාව දැක උතුරු නැගෙනහිර දෙපලාතේ සහ උතුරු මැද පලාතේ පුරාවිද්‍යා ගවේශක බාරකාරත්වය පනාමුරේ තිලකවන්ශ හිමින්යන් වෙත පැවරුණි. ඒ අනුව තවත් බොහෝ නටඹුන් විහාර සොයාගැනීම ආරම්බ විය. සුන්දර වනසෙනසුන් සැකසීමේ ප්‍රතිඑලයක් ලෙස මෙම ප්රදේශය තුල අරිසිමල ආරණ්යය සේනාසනයෙන් මහන උපසම්පදාව ලත් භික්ෂුන් 69ක් පමන සාසනයට දායාද කරලීමට පනාමුරේ තිලකවන්ශ හිමියන් සමත් විය. ඒ සාසනික හා ජාතික මෙහෙවර හදුනාගත් එම නිකායේ මහානායක මහ හිමිවරුන් ඇතුලු නිකාය සංඝයා විසින් පනාමුරේ තිලකවන්ශ හිමියන් හට අරියවන්තස්න විනයකීර්ති ශ්‍රී ශිරෝමිනී කම්මට්ටානාචාර්ය සංඝ දත්ත සහිත උතුරු මැද නැගෙනහිර දෙපළාතේ සහ තමන්කඩුව දිසාවේ ප්‍රධාන  සංඝනායක දූරය පිරිණමන ලදී.

පනාමුරේ තිලකවන්ශ හිමියන් ශ්‍රී ලංකාවේ ලාබාලතම භික්ෂුවකට ලැබුනු විශාලතම සඝ පදවිය ලැබූ භික්ෂුව ලෙස ඉතිහාසයට එක්විනි. නැගෙනහිර පලාතේ මෙතෙක් ඉතිහාසය තුල සිදුවූ ප්‍රථම උපසම්පදා විනයකර්මයද අරිසිමල සෙනසුන මගින් පනාමුරේ තිලකවන්ශ හිමියන් විසින් පවත්වනු ලැබිනි.

මේ වන විට කුටි සෙනසුන් විහාර 9කින් සමන්විත නටබුන් විහාරස්තාන 14ක් පවතින වන සෙනසුන් සංචිතයක් ලෙස අසිරිකන්ද පුරාණ රජමහ විහාරස්ථ කාර්ය්‍ය සාදක සමිතිය ක්‍රියාත්මක වෙමින් පවතී.