බෞද්ධයාගේ පරම අපේක්ෂාව නිර්වාණවබෝධයයි. ඒ සඳහා ගමන් කළ යුතු මාර්ගය බුදු දහමේ පැහැදිලිව දක්වා ඇත. සීල, සමධි. ප්‍රඥා යන එම තෙවදෑරුම් මගෙහි ඇරඹුම සීලයයි.

සීලය තුලින් කායික හා වාචික සංවරය ඇතිවීම තුල තාවකාලිකව කෙලෙස් යටපත් වී යයි. එහෙත් සිත එකඟ කරගැනීමටත්, සිත දියුණු කරගැනීමටත් ඒ තුලින් සිතේ සමාධිය ගොඩනගාගැනීමටත් භාවනාව වැඩිය යුතු වෙයි. භාවනාව මගින් එකඟ කරගත් සිත තුල සමාධිය උපදවා ගැනීමෙන් විවිධ අරමුණු කරණ කොටගෙන විසිරී ඇති සිත එක් අරමුණක රඳවා ගත හැක.සමාධිගත සිත පදනම් කරගෙන නිවන් අරමුණට ප්‍රඥාව වඩවාගත හැක.

බුදු රජානන් වහන්සේ දේශනාකොට වදාලේ “දිවා රෑ දෙකෙහිම භාවනාවට සිත යොමුකළ ඇත්තෝ ප්‍රබුද්ධ ජීවිතයක් ගත කරති” යන්නයි.

බුදු දහමේ භාවනාව නමින් හැඳින්වෙන්නේ කුසල ධර්ම දියුණු කරගන්නා මානසික අභ්‍යාසයයි.

බෞද්ධ භාවනාව පහත ආකාරයට දෙයාකාර වෙයි.
1. සමථ භාවනාව
2. විදර්ශනා භාවනාව

කුසල් අරමුණක සිත එකඟ කරණ භාවනාව චිත්ත හෙවත් සමථ භාවනාව ලෙස හැඳින්වෙයි. සමථය යනු සංසිදු වීම, සංවර වීම හෝ සාමදාන වීමයි. ඒ අනුව සිත දූෂණය වන කෙලෙස් සතුරන් සංසිදුවීමත්, කුසල් සිත් දියුණු කිරීමෙන් සිත දියුණු කිරීමත් මෙම භාවනාවේ අරමුණු වෙයි. කෙලෙස් සතුරන් පංච නීවරණ ලෙස හැදින්වෙයි.

පංචස්කන්ධය දෙස ගැඹුරින් බැලීම විදර්ෂණාවයි. එය විපස්සනා භාවනාව, ප්‍රඥා භාවනාව හා ත්‍රිලක්ෂණ භාවනාව යන නම් වලින් ද හැඳින්වෙයි. ජීවිතය හා ලෝකය ත්‍රිලක්ෂණයට
( අනිත්‍ය, දුඛ්ක්, අනාත්ම ) අනුව බලමින් මෙම භාවනාව වැඩීම තුලින් ජීවිතයේ යථා ස්වභාවය අවබෝධ කරගත හැකි වෙයි. අවසානයේ ප්‍රඥාව පහල වීමෙන් නිවන් මග සාක්ෂාත් කරගත හැක.

මේ අනුව බලන කල භාවනාව තුලින් ලෞකික මෙන්ම ලෝකොත්තර සුවයද අප වෙත ලඟාකරගත හැක.

අප විසින් පවත්වනු ලබන භාවනා වැඩසටහන් පිළිබද විස්තර ලබාගැනීමට අමතන්න – 071 856 2700