පිහිටීම

නැගෙණහිර පලාතේ ත්‍රිකුණාමලය දිස්ත්‍රිකයේ කුච්ච-වේලි ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයට අයත් පුල්මුඬේ ග්‍රාම නිලධාරි වසමේ පුල්මූඩේ නගරයේ සිට ත්‍රිකුණාමල මාර්ගයේ මීටර් 800 ක් පමන ගිය විට හමුවන ආදා වැව ඉස්මත්තේ පිහිටි කුඩා කදු ගොඩැල්ලක රුස්ස ගස් සහිත අක්කර 10 ක පමන වපසරියකින් යුත් ප්‍රදේශයක පිහිටි ඇත.

පුරා විද්‍යාත්මක පසුබිම

අක්කර 8 –10 පුරා විසිරුනු දැවැන්තම පුරා විද්‍යාත්මක නටබුන් වලින් සමන්විත ප්‍රදේශයකි . ඉතා විශාල ප්‍රමාණයේ කොත් පිලිම තිබූ බවට සාධක ඇති අතර මෙහි අදට ද නිදන් හොරුන් විසින් විනාශ කරන ලද සුවිශාල බුදුපිළිමයක බද කොටස දැකිය හැක ශිර්ශ කොටස අතුරුදහන්ව ඇත. මෙහි අඩි 8-10 පමණ උස ගල්කනු විශාල ප්‍රමාණයක් දක්නට ලැබෙන අතර තැනිතලා බිමක් බැවින් මෙම ගල්කනු මත මෙම පිලිම ගෙය ඉදිකර තිබෙන්නට ඇතැයි සැක කෙරේ.නිදන් හොරු විසින් මෙම ස්ථානය අඩි 30-40 පමණ යටට හාරා විනාශ කර ඇත.එමෙන්ම පෞරාණික චෛත්‍යය තිබූ ස්ථානය මේ වනවිට හඳුනාගෙන ඇති අතර නිදන් හොරුන් විසින් එම ස්ථානය අඩි 40 පමණ යටට හාරා ඇත. ප්‍රදේශය පුරා කුටි සෙනසුන් පිහිටා තිබූ බවට සාධක ලෙස හතරැස් කෝවක් ගල් විශාල ප්‍රමානයක් දැකිය හැක.තවද සදකඩ පහන්,කෝවක් ගල් , පඩිපෙළ වල් , විහාරයේ හා චෛත්‍යයේ පිවිසුම් දොරටු වල නටබුන් ද තවමත් දැකිය හැක

වර්තමාන තත්ත්වය

අභාවප්ප්‍රාප්ත සිරිල් මැතිව් මහතා විසින් 80 දශකයේ මුල් භාගයේදී මෙම ස්ථානයේද වැදගත්කම සලකා සංඝාවාසයක් ඉදිකර පුජා කල නමුත් ඉන් පසුව ඇතිවු වර්ගවාදී අරගල හමුවේ මෙම ස්ථානය විනාශ වූ අතර සංඝාවාසයේ බිත්ති 4 හැර අනෙකුත් සියලු දැ අන්‍ය ආගමිකයන් විසින් ගලවාගෙන ගොස් හා විනාශ කර තිබුනි. යුද වාතාවරණය නිමාවක් සමග අන්තවාදි ආගමික කන්ඩායම් මෙම ස්ථානයේ වනාන්තරය කපා දමමින් විහාරස්ථානයේ ගල්කණු පවා තම ගව පට්ටි ගාල් කිරිමට යොදාගනිමින් මෙම ඉඩම් අත්පත් කර ගැනීමට දැඩි උත්සාහයක නිරතව සිටි අතර ස්වාමින් වහන්සේලා ජිවිත පරිත්‍යාගයෙන් මෙම ස්ථානයේ කුඩාරම් ඉදිකර වාසය කරමින් මෙම සිද්ධස්ථානය ආරක්ෂ කරගැනීමට කටයුතු කිරිම තුලින් වැලලි යාමට තිබු බොදු උරුමයක් යලි මතුකර ගැනීමට හැකිවිය. කෙසේ වුවද අදටත් මෙම ස්ථානය තුල ස්ථිර ඉදිකිරීමක් නොමැතිකම නිසාම ස්වාමින් වහන්සේලාට වාසය කිරිමට සුදුසු පරිසරයක් නොමැති අතර එය ප්‍රයෝජනයට ගනිමින් තවමත් අන්‍යාගමික පිරිස් ගවපට්ටි යොදාගෙන මෙම ස්ථානය ආක්‍රමණය කිරිමට උත්සහ දරමින් සිටියි. අවම තරමින් මෙහි විනාශවී ඉතිරිව ඇති සංඝාවාසය හෝ ප්‍රතිසංස්කරණයට කවුරුන් හෝ ඉදිරිපත් වන්නේ නම් එය මෙම ප්‍රදේශයේ බොදු උරුමය තහවරු කල හැකි ප්‍රබලම සාධකයක් රැක ගැනීමට ඔබ කරන උතුම් ක්‍රීයාවක් මෙන්ම මහත් කුසලයක්ද වනු ඇත.

ගමන් මාර්ගය

පුල්මූඩේ නගරයේ සිට ත්‍රිකුණාමල මාර්ගයේ මීටර් 800 ක් පමන ගිය විට හමුවන ජල පොම්පාගාර (pump house road ) නම් ගුරුපාරේ කිලෝමීටර් 4 ක් පමණ ගිය විට දකුනු පසින් හමුවන ආදා වැව ලෙසට හඳුන්වන වැවු යුගලයකට මැදිව මෙම් ස්ථානය හමුවේ